Announcement

Collapse
No announcement yet.

බැංකුවක් හදන්න සල්ලි යොදවනවට වඩා ඒවා බැංකුවේ දාන එක ලාභයි

Collapse
X
  • Filter
  • Time
  • Show
Clear All
new posts

  • බැංකුවක් හදන්න සල්ලි යොදවනවට වඩා ඒවා බැංකුවේ දාන එක ලාභයි



    ධම්මික පෙරේරා මෙරට ප්*රධාන පෙළේ ධනපති ව්*යවසායකයකු ලෙස සැලකෙයි. ඔහු නොයෙක් ව්*යාපාර සේම රටේ ආර්ථිකය පිළිබඳ නිරන්තර අධ්*යයනයේ යෙදෙන ඒ පිළිබඳ නවීන දැනුමෙන් සපිරි ව්*යවසායකයෙකි. මේ ලංකාවේ ප්*රධාන පෙළේ ධනවත් ව්*යාපාරිකයාගෙන් අරුණ වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලූ විට ඔහු ඒ සඳහා වෙලාව දුන්නේ උදේ 6.00ටය. උදෑසන හයට පෙරාතුව ඔහු අමතන විට අරුණේ සම්මුඛ සාකච්ඡාවට වුවමනා සටහන් දත්ත සියල්ලද සූදානම් කරගෙන දවසේ වැඩ අරඹා සිටියේය.

    ‘‘ඔබ උදේ 06ට කලින් දවසේ වැඩ අරඹනවා වාගෙයි පෙනෙන්නේ.’’ අපි මේ ධනවත්ම ව්*යාපාරිකයාගෙන් ඇසුවෙමු.

    ‘‘ඔව්. මම උදේ හයට කලින් දවසේ වැඩ ආරම්භ කරනවා. හැබැයි උදේ හත අට වෙනතුරු නිදා ගන්න අය මගෙන් අහනවා ඔබේ දියුණුවේ රහස මොකක්ද කියලා.’‘

    ධම්මික පෙරේරා සිනාසෙමින් උත්තර දුන්නේය. මෙලොව, දියුණුවෙන් දියුණු වූ මිනිසුන්ගේ එක රහසක් දැනගෙනම අපි ඔහු හා සාකච්ඡා කළෙමු.



    ඔබ මේ රට ආර්ථික වශයෙන් ව්*යාපාරික වශයෙන් දියුණු කර ගත හැකි ආකාරය ගැන අදහස් දක්වන්න ඉන්න සුදුසුම කෙනෙක්. ආර්ථික ව්*යාපාරික වශයෙන් රටක් සාර්ථකත්වය කරා යන්න මුලින්ම සපුරා ගත යුතු දේ මොකක්ද?

    රටක් ආර්ථික වශයෙන් වේවා ව්*යාපාරික වශයෙන් වේවා ඉදිරියට ගෙනියන්න මුලින්ම ඒ දියුණුව උසස් අධ්*යාපනයක් සහිත සමාජයක් බවට පත් කර ගන්න ඕනෑ.

    ඒ සඳහා මේ රටේ චිරාත් කාලයක පටන් නිදහස් අධ්*යාපනයට විශාල වියදමක් කරනවා.

    ඇත්ත ඒ සඳහා අපි විශාල වශයෙන් වියදම් කරනවා. නමුත් ඒ වියදම ජාතික අරමුණු තේරුම් අරගෙන අනාගත ​ලෝක වුවමනාවන් තේරුම් අරගෙන කරන්න ඕනෑ.

    මොකක්ද ඔබ කියන ජාතික අරමුණ?

    රටක අධ්*යාපනය, මානව සම්පත දියුණු කරන්න අ.පො.ස. සාමාන්*ය පෙළ හෝ උසස්පෙළ දක්වා පමණක් සියලු දෙනාට උගන්වලා බෑ. රටක ජනතාවගෙන් සියයට 50ක්වත් විශ්වවිද්*යාල අධ්*යාපනය ලබා ගන්න ඕනෑ. දැන් මේ රටේ එක්ලක්ෂ 8000ක් විශ්ව විද්*යාල යන්න සුදුසුකම් සහිතව උසස් පෙළ සම ත් වෙනවා. නමුත් රජයේ විශ්වවිද්*යාලයට යන්න ලැබෙන්නේ ඒ අතරින් 3000ටයි.

    ඉතිරි පිරිසට උපාධිය දක්වා උගන්වන්න රජයට ආර්ථික ශක්තිය නෑ. විශ්වවිද්*යාල පහසුකම් ප්*රමාණවත් තරමට නෑ.

    ඔව්. නමුත් විශ්වවිද්*යාලයට යන්න සුදුසුකම් ලබපු ඉතිරි එක්ලක්ෂ පනස් දහසටට අපි මිලියන එකහමාර ගණනේ උසස් අධ්*යාපනය ලබන්න දෙන්න ඕනෑ. රුපියල් මිලියනය ගණනේ එක්ලක්ෂ පනස් දාහකට දුන්නත් රජයට වැය වෙන්නේ රුපියල් බිලියන එකසිය පනහයි.

    මේක විශාල මුදලක්?

    ඔව්. හැබැයි බිලියන 150ම වියදම් කරන්න ඕන නෑ. විශාල පිරිසකට එක සැරේ ආණ්ඩුව මුදල් වෙන් කරනකොට පුද්ගලික විශ්වවිද්*යාලවලින් ලොකු වට්ටමක් දෙනවා. සියයට පනහක වට්ටමක් දෙනවා. එතකොට ආණ්ඩුවට වැය වෙන්නේ බිලියන 75යි.

    මේ ක්*රියාදාමය අඛණ්ඩව වසර පහළොවක් කළොත් ඒක මේ රටේ විශාල ජයග්*රහණයක් බවට පත් වෙනවා. මේක ආණ්ඩුවට කරන්න බැරි වැඩක් නොවෙයි. දැන් බලන්න රජය රජයේ සේවකයින්ගේ පඩි රුපියල් 10000කින් වැඩි කරනවා. රජයේ සේවකයො ලක්ෂ 15කගෙ වැටුප් රුපියල් දහදහකින් වැඩි කරන්න යනවා රුපියල් බිලියන 180ක්. නමුත් ඊට වඩා විශාල සහනයක් ඒ අයගේ දූ පුතුන්ගෙ උසස් අධ්*යාපනයට මුදල් වෙන් කිරීමෙන් ඒ අයට ලැබෙනවා. උසස් අධ්*යාපනය ලබපු පිරිසක් උසස් වෘත්තීය මට්ටමක රැකියා කරනකොට ලැබෙන බදු මුදලින් මේ වියදම රජයට අනාගතයේදී උපද්දවා ගන්න පුළුවන්.

    දැනට තියෙන උපාධි අධ්*යාපනය තවදුරටත් දීමෙන් රටට වැඩක් තියෙනවද?

    ඒක වැදගත් ප්*රශ්නයක්. අපි උපාධියට ලබා දෙන්න ඕනෑ දියුණු වෘත්තීය අධ්*යාපනයක්. දැන් මේ රටේ විද්*යා, කලා, වාණිජ කියන විෂයයන් තුනම උගන්වන ඉස්කෝල තියෙන්නේ 1080යි. විද්*යා විෂයයන් නැති කලා, වාණිජ විතරක් තියෙන ඉස්කෝල තියෙනවා 1860ක්. අපි මේ අර්බුදය විසඳා ගන්න ඕනෑ. උසස් පෙළ උගන්වන හැම ඉස්කෝලෙකම විද්*යා විෂයයන් උගන්වන්න පහසුකම් ලබා දෙන්න ඕනෑ. කලා විෂයයන්වලින් උසස් අධ්*යාපනය ලබන අයට තමයි වැඩිපුර අපේ අවධානය යොමු වෙන්න ඕනෑ. 1971 කැරැල්ලත් 1989 කැරැල්ලත් අපිට ලොකු පාඩමක් උගන්වලා තියෙනවා. අපි කලාව උගන්වන්න ඕනෑ. නර්තන, ගායන, වාදන නිර්මාණාත්මක වෘත්තීය පිරිසක් බිහි කරන්න මිස ඒකට වෙනත් විෂයයක් එකතු කරලා හුදු උපාධියක් ශ්*රම වෙළෙඳපොළට නොගැළපෙන උපාධියක් බවට පත් කරන්න නරකයි.

    දැනට මේ රටේ ව්*යාපාරික ක්ෂේත්*රයට ආර්ථිකයට තියෙන ලොකු ප්*රශ්නයක් තමයි කම්කරු වෘත්තීන් වැනි සාමාන්*ය වෘත්තීන්වලට ශ්*රමය නොතිබීම. වතුකරය ගත්තත් සුළු ව්*යාපාර ආයතන ගත්තත් ඒක බලපානවා. මේකට එක හේතුවක් ත්*රීවිලර් රැකියාව බවයි ඇතැමුන්ගේ අදහස.

    ඒ ප්*රශ්නය ඒ තරම් සරල එකක් නොවෙයි. අපි තේරුම් ගන්න ඕනෑ රටක ඒක පුද්ගල ආදායම ජීවන මට්ටම ඉහළ යනකොට ඒ අයගෙ වැටුප් වේතනවල අගය ඉහළ යනවා. උදාහරණයක් හැටියට එක්දහස් නවසිය අසූවේ අනූවේ අපේ රටේ ඇඟලුම් කර්මාන්තවලට ඕනෑ තරම් ශ්*රමය තිබුණා. නමුත් දැන් ඒක නෙවෙයි තත්ත්වය. දැන් ඒක පුද්ගල ආදායම ඉහළයි. ඉහළ වැටුප් අපේක්ෂා කරනවා. එතකොට ඒ ඉහළ වැටුප් ගෙවලා නිෂ්පාදනයක් වෙළෙඳපොළට දානකොට ඒකෙ වටිනාකම ඉහළ යනවා. දැන් ලංකාවේ මහන්නේ වටිනාකමෙන් ඉහළ මිල අධික ඇඳුම්. තේ වගාවට වුණත් තත්ත්වය එහෙමයි. ජීවන මට්ටම් ඉහළ යනකොට ගෙවන්න වෙන වැටුපත් ඉහළ යනවා. ලංකාවෙ තේ වුණත් ඉහළ මිල තේ නිපදවන්න වෙනවා. සමහර විට සමහර කර්මාන්ත කඩා වැටෙන්නත් ඉඩ තියෙනවා. ඒක තමයි ආර්ථික සමාජයේ ස්වභාවය. ත්*රීවීලර් පාරෙන් අයින් කරලා විතරක් විසඳුමක් ලැබෙන්නේ නෑ.

    මේ රටේ කර්මාන්තකරුවන්ට තියෙන ප්*රධාන ප්*රශ්නයක් තමයි චීන නිෂ්පාදන ඉතා අඩු මිලට වෙළෙඳපොළට එ්ම, මහා පරිමාණයෙන් නිෂ්පාදන කාර්යය කරන නිසා චීනයට​ ලෝක වෙළෙඳපොළ අල්ලා ගන්න පුළුවන්.

    ඒක ඇත්තේ එක පැත්තක් විතරයි. චීන රජයේ ප්*රතිපත්තියත් එයට හොඳින් බලපානවා. චීනය ඉන්දියාව මහ පරිමාණයෙන් නිපදවලා පිරිවැය අඩු කර ගන්නවා කියන එක ඇත්ත. ඒ වාගේම චීනයේ කර්මාන්ත ශාලාවක් චීනයේ යම් බඩුවක් නිපදවලා පිටරට යවනවා නම් ඒ නිෂ්පාදන වියදමෙන් සියයට දාහතක් රජය නිෂ්පාදකයාට ගෙවනවා. එතකොට චීනයට පුළුවන් නිපදවන වියදමටත් වඩා සියයට දාහතක් මිල අඩු කරල භාණ්ඩයකට මිල නියම කරන්න.

    ලංකා රජය නිදහසේ භාණ්ඩ ගෙන්වන්න ඉඩ දීලා තියෙන තත්ත්වය යටතේ ව්*යාපාරිකයො හැටියට කොහොමද මේ තත්ත්වයට මුහුණ දිය යුත්තේ?

    රජයේ ප්*රතිපත්තිය ඒක නම් ඒකට ව්*යාපාරිකයන්ට මුහුණ දෙන්න වෙනවා. රජයක් එබඳු ප්*රතිපත්තියක් අනුගමනය කරනවා ඇත්තේ කුමක් හෝ අරමුණක් ඇතිවනේ

    නමුත් ඒ ප්*රතිපත්තියෙන් සුළු වෘත්තිකයන්ට නිෂ්පාදකයින්ට විශාල බලපෑමක් වෙනවා. මේ තත්ත්වය ඔබට විග්*රහ කරන්න පුළුවන්ද?

    පුළුවන්. අපේ තිබුණ සෙස් බද්ද. විදේශ භාණ්ඩවලට සෙස් බද්ද පැනෙව්වා. ඒ බද්දෙන් අපි ලබපු ආදායම බිලියන හැත්තෑ දෙකක්. ඒකෙන් දේශීය කර්මාන්තකරුවාට උදව් කරන්න පුළුවන්. නමුත් බද්ද ඉවත් කළහම හෝ අඩු කළහම මේ අවස්ථාව අහිමි වෙනවා. එදා ලංකාවේ සපත්තු නිෂ්පාදනය කරමින් තිබුණා. ඒවා ගෘහස්ථ මට්ටමෙන් කෑලි ගණනට තමයි නිෂ්පාදනය කළේ. නමුත් දැන් ඒ කර්මාන්තය ලංකාවේ කරන්න බෑ.

    සුළු හා මධ්*යම පරිමාණ කර්මාන්තකරුවො ලොකු අපහසු තත්ත්වයට මුහුණ දෙනවා.

    ඔබ වැනි ව්*යාපාරිකයො කොහොමද මේ තත්ත්වයට මුහුණ දෙන්නේ?

    අපි ඉන්දියාවේ කර්මාන්ත ශාලා ආරම්භ කරලා භාණ්ඩ නිපදවල ලංකාවට ගෙනත් විකුණනවා. ඉන්දියාවේ ශ්*රමයට ගෙවන මිල අඩුයි. අමුද්*රව්*ය තියෙනවා. අමුද්*රව්*ය මිලත් අඩුයි. නිෂ්පාදන ධාරිතාවත් වැඩියි. ඊළඟට විශාල වශයෙන් බදු සහන දෙනවා. මේ සියල්ල නිසා අඩු පිරිවැයකට භාණ්ඩ නිපදවලා මේ තත්ත්වයට මුහුණ දෙන්න අපිට පුළුවන්.

    හැබැයි ඉන්දියාවේ භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව අපට අයිති නෑ. නමුත් ඉන්දියාව අපි ගැන සොයලා දැන් අපේ පස්සෙන් එනවා ඒ රටේ කර්මාන්ත ශාලා තව තවත් ආරම්භ කරන්න කියලා. ඉන්දියාව තමන්ගේ නිෂ්පාදකයා විතරක් නෙවෙයි. ඒ රටේ ඉන්න විදේශ නිෂ්පාදකයාවත් බලා ගන්නවා.

    ලංකාවේ දේශීය නිෂ්පාදකයා දිරිමත් කරන්නේ නැතත් විදේශීය නිෂ්පාදකයාට දෙන දිරිදීම ගැන මොකද හිතන්නේ?

    ලංකාවේ බොහෝ කර්මාන්ත කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ලංකාවේ වායු සමීකරණ යන්ත්*රයක්වත් හදන්න බැරි අපේ නිවැරදි බදු ආරක්ෂාවක් නැති නිසා. මොනවා හෝ නිෂ්පාදන කර්මාන්තයකට බදු සහනයක් දෙනවා නම් ඒක වසර 15කටවත් දෙන්න ඕනෑ. පස් වසරක බදු සහනයක් දුන්නොත් විදේශ කොම්පැනියක් ඇවිත් ෆැක්ටරියක් හදලා ඉවර වෙන කොට කාලෙ ඉවරයි. එහෙම වුණාම ආයෝජකයෙක් ඇවිත් ෆැක්ටරි හදාගෙන වැඩ කරන්නේ නෑ.

    ලංකාවේ අයවැය ලේඛනයට තියෙන ලොකු වැය බරක් තමයි රජයේ සේවක වැටුප්. රජයේ සේවකයින්ගේ සංඛ්*යාව ඉතා විශාලයි. මේ ප්*රශ්නය විසඳා ගන්න පුද්ගලික ව්*යවසායකයෙක් හැටියට මොකක්ද දෙන උපදෙස?

    රැකියා සුලභ වෙන පරිසරයක් නිර්මාණ කරන එක රජයේ වගකීමක්. ඒ සඳහා පුද්ගලික අංශයේ ව්*යවසායකයෝ ගැනත් රජයේ අවධානය තියෙන්න ඕන. නමුත් රජයේ කටයුතුවලට වුවමනා පිරිස් බඳවාගෙන රැකියා සම්පාදනය කරන එකත් රජයේ කාර්යයක්. රජයේ වැටුප් බිල අඩු කරන්න රජයේ සේවකයෝ ඉවත් කරන්න ඕනෑ කියලා මම විශ්වාස කරන්නේ නෑ. වාර්ෂිකව විශ්*රාම යනවා පිරිසක්. දැන් විශ්*රාම යන්නේ 1985-90අතරේ රජයේ සේවයට බැඳුන පිරිස. අලුතින් බැඳුන පිරිස කාර්යක්ෂමව මෙහෙවරේ යොදන එක විතරයි දැන් රජයකට කරන්න පුළුවන්.

    ඊට වඩා රජයේ බිල් අඩු කරගන්න උපායන් බොහෝමයක් තියෙනවා. උදාහරණයක් හැටියට රජයේ දුරකථන බිල්. අවම වශයෙන් රජය රුපියල් බිලියන දෙකක දුරකථන බිල් ගෙවනවා. ඇයි හැම අමාත්*යාංශයකින්ම දෙපාර්තමේන්තුවකින්ම ගෙවන දුරකථන බිල් එක බිලක් හැටියට අරගෙන ගෙවලා වට්ටමක් ගන්න බැරි? එහෙම කළොත් දුරකථන බිල්වලට ලැබෙන සියයට හතළිහක වට්ටමෙන් මිලියන අටසීයකට ආසන්න මුදලක් ඉතුරු කර ගන්න පුළුවන්. අපි රජයේ වියදම් අවම කර ගන්න නිර්මාණශීලී වෙන්න ඕනෑ.

    ලංකාවේ දැන් සුළු ව්*යාපාරිකයො වඩා නිවරැදිව කීවොත් වෙළෙඳ ප්*රජාව මුහුණ දෙන ප්*රශ්නයක් තමයි පාතාලයින්ගෙ කප්පම් ගැනීමේ ප්*රශ්නය. මේකට ව්*යාපාරිකයන්ට මුහුණ දෙන්න තියෙන මග මොකක්ද?

    ඒක මට අදාළ ප්*රශ්නයක් නොවෙයි. ඒක රජයේ කටයුතු ආරක්ෂාව ගැන කාරණයක්. නමුත් මේවායින් රටක් මුදා ගැනීමේදී අනුගමනය කරන්න ඕනෑ වැඩපිළිවෙළවල් තියෙනවා.

    මොකක්ද ඒ වැඩපිළිවෙළ?

    උදාහරණයක් ව​ශයෙන් අපේ රටේ රිමාන්ඩ් වෙලා ඉන්නවා 99000ක පිරිසක්. 21000 විතර ඉන්නවා දඬුවම් ලබන. මෙතැන තියෙන්නෙ විශාල මිනිස් ශ්*රමයක්. ඒ වාගේම වියදමක්. දවසට කැමට එක්කෙනෙකුට රුපියල් 200 වෙන් කළත් දවසට ලක්ෂ 200කට වඩා වැය වෙනවා. වෙන රටවල් මේ තත්ත්වයන් අවම කර ගන්න විශේෂ වැඩපිළිවෙළවල් යොදාගෙන තියෙනවා.

    ඒවා අපට කරන්න පුළුවන් දේවල්ද?

    ඔව්. සිංගප්පූරුවේ සිරකරුවෙක් නිදහස් වෙන්න වසර එකහමාරකට කලින් එයා නිදහස් වෙලා ජීවත් වෙන ප්*රදේශය අනුව සොයා බලලා හොඳ වෘත්තීය පුහුණුවක් දෙනවා. බ්*රසීලයේ හිරකාරයින්ට හොඳ ජීවිතයක් ගෙවන්නේ කොහොමද, ප්*රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද කියන කරුණු ඇතුළත් පොත් කියවන්න දෙනවා. වසරකට පොත් දොළහක්වත් කියවන්න ඕන. ඒ පොත් කියවල අහන ප්*රශ්නවලට උත්තර හරියට දුන්නොත් පොතකට දින 04 බැගින් හිර කාලය අඩු කරනවා. පිරිමි අයට විදුලිය ජනනය කරන බයිසිකල් තියෙනවා. ඒ අය බසියිකලය පැදලා විදුලි ඒකක ප්*රමාණයක් උත්පාදනය කළොත් පැය අට බැගින් හිර කාලය අවම කරනවා.

    මේවායින් අපි ඉගෙන ගන්න ඕන. මේවා තිබුණාම එළියට එන්නේ ආයෙ ඇතුළට යන්න සූදානම් නැති පිරිසක්. ඒ වාගේම බන්ධනාගාරගත වෙන සෑම කෙනකුගේම ඇඟිලි සටහන් වාගේම පූර්ණ ජීව දත්තවාර්තා ගන්න ඕන. සිරගත වෙන අයව ඒ බී සී ඩී වශයෙන් අපරාධවල ස්වභාවය අනුව වර්ග කරන්න ඕනෑ. ඒ සියලු දෙනාගේ වාර්තා පොලිස් නිලධාරීන්ගෙ මොබයිල් ෆෝන් එකේ ඇප් එකක අන්තර්ගත කරන්න ඕන. යම් වාහනයක් පරීක්ෂා කරනකොට පොලිස් නිලධාරීන්ගේ ෆෝන් එකේ ඇඟිලි සටහන් තැබීම මගින් ඔහු ගැන වාර්තාව එතැනදීම පොලිස් නිලධාරියාට ගන්න පුළුවන්. එහෙම කෙනෙක් වාහනයක ඉන්නවා නම් ඒ වාහනය විශේෂ පරීක්ෂාවකට ලක් කරන්න පුළුවන්. ඒවා රටක ඉහත තාක්ෂණය යොදාගෙන පහසුවෙන් අපරාධ මඬින ක්*රම.

    ඔබ බැංකුකරුවෙක්. බැංකු මුදල් හදනවා. බැංකුකරුවෙක් හැටියට ඔබගේ තත්ත්වය කොහොමද?

    බොහොම දෙනෙක් හිතන්නේ බැංකුකරුවාගේ තත්ත්වය හොඳයි කියලා. බැංකුවක් කරගෙන යන්න ව්*යවසායකයෙක් හැටියට සල්ලි දානවට වඩා වෙන බැංකුවක මුදල් තැන්පත් කරන එක ලාභයි කියලා.

    දැන් බැංකු ක්ෂේත්*රයේ ලොකු ලාභ නෑ. ආයෝජකයෙක් බිලියන සියයක් බැංකුවක ආයෝජනය කළොත් වසර අවසානයේ බිලියන දහසක ලාභයක් ලැබෙයි. හැබැයි ඒ මුදල වෙන බැංකුවක තැන්පත් කළොත් සියයට එකොළහක පොලියක් ගන්න පුළුවන්. මොකද බැංකුවට බලපාන බදු ප්*රමාණය සියයට 58ක්. ලාභයෙන් සියයට 58ක් අපි බදු ගෙවන්න ඕන. ඒ නිසා මම කියනවා බැංකු හදන්න සල්ලි දානවට වඩා බැංකුවේ සල්ලි දාන්න, ඒක ලාභයි කියලා.

    බන්ධනාගාරගත මිනිස් ශ්*රමය රටේ දියුණුවට යොදා ගත හැකියි

    කාවින්ද වි​ෙජ්වර්ධන
    "The best values today are often found in the stocks that were once hot and have since gone cold"

Related Topics

Collapse

Topics Statistics Last Post
Started by MrGrowth, 09-17-2018, 02:48 PM
0 responses
0 views
0 likes
Last Post MrGrowth  
Started by SHARK, 08-14-2018, 12:25 PM
0 responses
0 views
0 likes
Last Post SHARK
by SHARK
 
Started by Nis2010, 10-29-2018, 06:41 PM
0 responses
0 views
0 likes
Last Post Nis2010
by Nis2010
 
Started by Nis2010, 01-31-2019, 05:13 PM
0 responses
0 views
0 likes
Last Post Nis2010
by Nis2010
 
Started by Nis2010, 08-15-2018, 07:19 PM
0 responses
0 views
1 like
Last Post Nis2010
by Nis2010
 
Started by SHARK, 12-16-2018, 04:27 PM
2 responses
0 views
0 likes
Last Post ruwan326  
Started by Nis2010, 10-29-2018, 06:40 PM
0 responses
0 views
0 likes
Last Post Nis2010
by Nis2010
 
Started by Nis2010, 08-23-2018, 04:48 PM
0 responses
0 views
0 likes
Last Post Nis2010
by Nis2010
 
Started by SHARK, 08-10-2018, 06:21 PM
92 responses
0 views
0 likes
Last Post LukeDeSilva  
Started by SHARK, 08-10-2018, 10:24 PM
2 responses
0 views
0 likes
Last Post SHARK
by SHARK
 
Started by prasa2004, 02-01-2019, 03:40 AM
1 response
0 views
0 likes
Last Post SHARK
by SHARK
 
Started by Nis2010, 01-03-2019, 06:14 PM
0 responses
0 views
0 likes
Last Post Nis2010
by Nis2010
 
Working...
X