Announcement

Collapse
No announcement yet.

අනං## මනං ##

Collapse
X
  • Filter
  • Time
  • Show
Clear All
new posts

  • #67
    ඊයේ ඩොලරය පහළ ගියේ ඇයි?


    දිගින් දිගටම දිනපතා කීයකින් හෝ ඉහළ යමින් තිබුණු ඇමරිකන් ඩොලරයක මිල අද දිනයේ (29 බ්*රහස්පතින්දා) පොඩ්ඩක් අඩු වුනා. ඒ ඇයි? ජනාධිපතිවරයා හා කතානායකවරයා අතර සාකච්ඡාවෙන් පස්සෙද? නැත්නම් මහ බැංකු මැදිහත්වීමක් නිසාද?

    ඇත්තටම වුනේ රුපියල ශක්තිමත් වීම නෙමෙයි. ඩොලරය පොඩ්ඩක් දුර්වල වීමයි. මෙය සිදුවුනේ ඊයේ (28 බදාදා) ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපති ජෙරමි පවල් විසින් කළ ප්*රකාශයක් නිසයි.

    පහුගිය කාලයේ ඩොලරයේ මිල ඉහළ යන්න හේතු වුනේ ඩොලරය ශක්තිමත් වීම බව මාස කිහිපයකට පෙර මහ බැංකුව පැත්තෙන් ඇහුනු දෙයක්. එය සම්පූර්ණ ඇත්තක් නොවුනත් අර්ධ සත්*යයක්. මේ ගැන මා ඒ දවස් වල පැහැදිලි කළා.

    පසුගිය ආර්ථික අවපාතයෙන් පසුව ඇමරිකන් ආර්ථිකය නැවත උඩට ගැනීම පිණිස පොලී අනුපාතික හොඳටම අඩු කළා. 2008 දෙසැම්බර් මාසයේදී ෆෙඩරල් පොලී අනුපාතික සෛද්ධාන්තිකව පහත හෙළිය හැකි අවම සීමාව දක්වාම අඩු කළා. එතැන් සිට වසර හතක් පුරා ෆෙඩරල් පොලී අනුපාතික පැවතුනේ 0-0.25% මට්ටමේ. මේ කාලය තුළ ප්*රාග්ධනය විශාල ලෙස ඇමරිකාවෙන් පිටත වැඩි පොලී අනුපාතික තිබුණු තැන් වලට ගලා ගියා. එහි ප්*රතිඵලයක් ලෙස ඇමරිකන් ඩොලරය ක්*රමයෙන් දුර්වල වුනා. ඒ කාලයේ ඩොලරයක මිල ඉහළ යාමේ ප්*රශ්නය හෝ විදේශ ප්*රාග්ධනය ආකර්ශනය කර ගැනීම ලංකාවට ලොකුවට බල නොපෑවේත් ඒ නිසයි.

    මෙසේ ශුන්*ය මට්ටම ආසන්නයේ වසර හතක් පැවති පොලී අනුපාතික 2015 දෙසැම්බරයේදී 0.25-0.50% මට්ටම දක්වාත්, තවත් වසරකට පසු 0.50-0.75% දක්වාත් ආදී වශයෙන් ක්*රමයෙන් ඉහළ නැංවුනා. ඉන්පසුව 2017දී තෙවරක් හා 2018දී මේ වන තුරු තෙවරක් ෆෙඩරල් පොලී අනුපාතික ඉහළ නංවා තිබෙනවා. දැන් තිබෙන්නේ 2.00–2.25% මට්ටමේ.

    සමාන අවදානමක් තිබෙන වෙනත් රටවලට සාපේක්ෂව රටක පොලී අනුපාතික ඉහළ යන විට ඒ රටට විදේශ ප්*රාග්ධනය ආකර්ශනය වෙනවා. එවිට, විණිමය අනුපාතිකය ශක්තිමත් වෙනවා. පසුගිය තෙවසරක පමණ කාලය තුළ ඇමරිකන් ඩොලරය ශක්තිමත් වෙන්න ප්*රධාන හේතුවක් වුනේ සාපේක්ෂව ඉහළ පොලී අනුපාතිකයි.

    රටක මහ බැංකුව විසින් ප්*රතිපත්ති පොලී අනුපාතික ඉහළ දමන්නේ උද්ධමනය පාලනය කිරීමටයි. එහි ප්*රතිඵලයක් ලෙස ආර්ථික වර්ධනය අඩු වෙනවා. රටක ආර්ථික වර්ධනය අඩු කෙරෙන ප්*රතිපත්ති වලට රාජ්*ය පාලකයින් එතරම් කැමති නැහැ. ජනාධිපති ට්*රම්ප් හා අදාළව වුවත් මෙහි වෙනසක් නැහැ. ඔහු සවුදි අරාබියට බලපෑම් කරමින් තෙල් මිල පහළින් තබාගන්න උත්සාහ කරන්නෙත් තෙල් මිල අඩුවන තරමට ඇමරිකන් ආර්ථික වර්ධනය වේගවත් වන නිසයි.

    ජෙරමි පවල්ගේ බදාදා ප්*රකාශයෙන් අදහස් වුනේ පසුගිය තෙවසර තුළ සිදු කෙරුණු පොලී අනුපාතික ඉහළ දැමීම තව වැඩි කලක් මේ ආකාරයට සිදු නොකෙරෙනු ඇති බවයි. පොලී අනුපාතික අවශ්*ය මට්ටම කිට්ටුවටම පැමිණ තිබෙන බව ඔහු විසින් පැවසීමෙන් බොහෝ දෙනෙක් තේරුම් ගත්තේ තවත් වරකට නැත්නම් දෙකකට වඩා පොලී අනුපාතික ඉහළ දමන්නට ඉඩක් නැති බවයි.

    ඉදිරි කාලයේදී පොලී අනුපාතික දිගින් දිගටම වැඩි වෙන්නේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ ඇමරිකාවට ප්*රාග්ධනය ගලා එන එක සීමා වෙනවා කියන එකයි. ඒ කියන්නේ ඩොලරය ශක්තිමත් වෙමින් තිබෙන ප්*රවණතාව වෙනස් වෙනවා කියන එකයි. පවල්ගේ ප්*රකාශය සිදු වූ ඊයේ ඇමරිකන් ඩොලරය බ්*රිතාන්*ය පවුම, යුරෝව, යෙන් මුදල, චීන යුවානය, ඕස්ට්*රේලියානු හා කැනේඩියානු ඩොලර්, ඉන්දියන් රුපියල ඇතුළු ලෝකයේ ව්*යවහාර මුදල් බොහොමයකටම සාපේක්ෂව දුර්වල වුනා.

    අද ඇමරිකන් ඩොලරයක රුපියල් මිල තරමක් අඩු වෙන්න හේතු වී තිබෙන්නේත් ඉහත ප්*රකාශයයි. බ්*රිතාන්*ය පවුම, යුරෝව, යෙන් මුදල ආදී අනෙක් විදේශ ව්*යවහාර මුදල් බොහොමයකට සාපේක්ෂව අද දිනයේත් රුපියල පිරිහී තිබෙනවා.

    පවල්ගේ ප්*රකාශයට ඇමරිකානු කොටස් වෙළඳපොළත් ප්*රතිචාර දැක්වූවා. ඊයේ කොටස් වෙළඳපොළ දර්ශක සැලකිය යුතු ලෙස ඉහළ ගියා. පොලී අනුපාතික වැඩි වීම නවතිනවා කියන්නේ ආර්ථික වර්ධනය ඉහළ යනවා කියන එකයි. එවිට සමාගම් වල ලාබ ඉහළ ගොස් කොටස් හිමියන්ගේ ලාභාංශ ඉහළ යනවා. ඒ නිසා, පොලී අනුපාතික සීමා වෙන්න යන ප්*රවෘත්තියට කොටස් ඉල්ලුම වැඩි වී කොටස් මිල ඉහළ යනවා.

    ජෙරමි පවල්ගේ ප්*රකාශය නිසා කොටස් වෙළඳපොළේ හා විනිමය වෙළඳපොළේ ඊයේ ඇති වූ තිගැස්ම සුළු හා තාවකාලික එකක්. ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපතිගේ කටින් පනින මෙවැනි කෙටි අදහස් දැක්වීමක් පවා ලෝකය පුරාම විශාල බලපෑමක් කරනවා.

    http://economatta.blogspot.com/

    Comment


    • #68
      මාධ්*යට වෙන වැඩක් හොයාගන්න වෙන කාලයක්....
       

      Comment


      • #69
        ලංකාවට සංචාරකයින් පැමිණීම අඩු වෙලාද?


        පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා සිට දිග්ගැසෙමින් තිබෙන ලංකාවේ දේශපාලන අර්බුදය අවසන් වන ආකාරයක් තවමත් පැහැදිලිව පෙනෙන්නට නැහැ. හෙට ලැබෙනු ඇතැයි සිතිය හැකි ශ්*රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව වුවත් තත්ත්වයේ ලොකු වෙනසක් වේදැයි සැක සහිතයි.

        ලංකාවේ දැනට පවතින දේශපාලන වාතාවරණය රටේ ආර්ථිකයට බලපාන ආකාරය අපද ඇතුළු බොහෝ දෙනෙක් විසින් කතා කර තිබෙන දෙයක්. කොළඹ කොටස් වෙළඳපොළෙහි හා රාජ්*ය සුරැකුම්පත් වල වූ විදේශ ආයෝජන රටින් පිටවීම පසුගිය මාසයේ දකින්නට හැකි වූ තත්ත්වයක්. එහෙත්, අප මීට පෙරද සටහන් කර තිබෙන පරිදි මේ ආකාරයෙන් විදේශ ප්*රාග්ධනය රටින් පිටතට ගලා යාම තනිකරම දේශපාලන අර්බුදය නිසාම ඇති වූ තත්ත්වයක් නෙමෙයි. ඒ ප්*රවණතාව කලින්ම ඇරැඹී තිබුණු එකක්. දේශපාලන අර්බුදය නිසා තත්ත්වය තරමක් උග්*ර වුණා. ණය පොලී අනුපාතික ඉහළ යාමටනම් දේශපාලන අර්බුදය සෘජුවම සම්බන්ධයි.

        දේශපාලන අර්බුදය නිසා ලංකාවේ සංචාරක කර්මාන්තයට සිදු වූ බලපෑමත් කතාබහට ලක් වූ කරුණක්. ඇතැම් රටවල් සිය පුරවැසියන්ට ලංකාවට පැමිණීම ගැන අවවාද කර තිබුණා. කලින් නියම කරගෙන තිබුණු සංචාර අවලංගු වී ඇති බව වාර්තා වී තිබුණා. නමුත්, සංඛ්*යාලේඛණ දෙස නොබලා, මෙවැනි වාර්තා මත පදනම්ව නිගමන වලට පැමිණීම එතරම් හොඳ දෙයක් නෙමෙයි.

        සංඛ්*යාලේඛණ අනුව පෙනෙන විදිහට 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය නොවැම්බර් මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම 16.8%කින් වැඩි වී තිබෙනවා. මෙය සැලකිය යුතු වැඩි වීමක්. වසරේ මුල් මාස දහය තුළ වූ සාමාන්*ය වර්ධනය මීට වඩා අඩුයි. වසරේ පළමු මාස එකොළහ පෙර වසරේ එම කාලය හා සසඳා බැලුවොත් 11.2%ක වර්ධනයක් දැකිය හැකියි. පසුගිය වසර තුළ සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය වුනේ 3.2%කින් පමණක් බව සැලකූ විට මේ වර්ධනය කැපී පෙනෙනවා. මෙයින් 2018 ආර්ථික වර්ධනයටත් සැලකිය යුතු යහපත් බලපෑමක් වෙයි.

        ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයට සංචාරක කර්මාන්තයෙන් 5.3%ක සෘජු දායකත්වයකුත්, 11.6%ක සමස්ත දායකත්වයකුත් තිබෙනවා. ශ්*රමික ප්*රේෂණ හා ඇඟලුම් අපනයන හැරුණු විට වැඩිම විදේශ විණිමය ප්*රමාණයක් ලංකාවට ලැබෙන්නෙත් සංචාරක කර්මාන්තය හරහායි. රටේ රැකියා වලින් 11%ක්ම සෘජුව හෝ වක්*රව සංචාරක කර්මාන්තයට සම්බන්ධයි. ඒ නිසා, සංචාරක කර්මාන්තය වර්ධනය වෙනවා කියන්නේ ලංකාවේ ආර්ථිකයට විශාල සාධනීය බලපෑමක් සිදු කරන දෙයක්.

        ලංකාවට පැමිණෙන සංචාරකයෙකු සාමාන්*යයෙන් දින 11ක් පමණ නැවතී සිටින අතර දිනකට ඩොලර් 170ක පමණ මුදලක් වියදම් කරනවා. මේ මුදල වාර්ෂිකව ඩොලර් කිහිපයකින් හෝ ඉහළ යනවා. ඒ අතරම ඩොලරයක රුපියල් මිලත් ඉහළ යන නිසා කර්මාන්තයේ නියැලෙන අයගේ අයට අතට ලැබෙන ආදායම වඩා වේගයෙන් ඉහළ යනවා.

        නොවැම්බර් මාසය තුළ යුරෝපීය සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය විශේෂයෙන්ම කැපී පෙනෙනවා. එය 37.1%ක්. එක්සත් රාජධානිය පමණක් ගත්තොත් 61.1%ක වර්ධනයක්. ඇමරිකානුවන්ගේ පැමිණීම 24.9%කිනුත්, සමස්තයක් ලෙස උතුරු හා දකුණු ඇමරිකානු මහාද්වීප වලින් පැමිණීම 23.9%කිනුත් ඉහළ ගොස් තිබෙනවා. ඕස්ට්*රේලියානු මහාද්වීපයෙන් පැමිණෙන්නන් 50.5%කින් ඉහළ ගොස් තිබෙනවා.

        ඉන්දියානුවන්ගේ පැමිණීම 21.4%කින් ඉහළ ගොස් ඇතත් අනෙකුත් දකුණු ආසියානු රටවල සංචාරකයින්ගේ පැමිණීමේ සැලකිය යුතු අඩුවීමක් පෙනෙන්නට තිබෙනවා. චීනය, ජපානය හා කොරියාව ඇතුළු අග්නිදිග ආසියාතික රටවලින් මෙන්ම මැදපෙරදිග රටවල සිට පැමිණෙන සංචාරකයින්ගේද අඩුවක් දැකිය හැකියි. සමස්ත වර්ධනය 16.8% මට්ටමට සීමා වී තිබෙන්නේ මේ අඩුවීම් වල බලපෑමෙන්. නොවැම්බර් දක්වා පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්*රමාණය 2,080,627ක්. පසුගිය වසරේ මුල් මාස එකොළහ තුළ පැමිණ ඇත්තේ සංචාරකයින් 1,871,871ක් පමණයි.

        එහෙමනම්, දේශපාලන අර්බුදය හේතුවෙන් සංචාරක කර්මාන්තයට වෙලා තිබෙන්නේ යහපතක්ද?

        දේශපාලන අර්බුදය හේතුවෙන් රටට සංචාරකයින් පැමිණීම ඉහළ යන්න සෘජු හේතුවක් නැහැ. මේ යහපත් වර්ධනයට ප්*රධාන හේතුව මේ මාසය හා පෙර මාසය තුළ රුපියල සෑහෙන තරමින් අවප්*රමාණය වීමයි. රුපියල අවප්*රමාණය වෙන්න ඉඩදීම ලංකාවේ ගෙවුම් ශේෂ ප්*රශ්නය විසඳාගන්න කළ යුතු මූලිකම දෙය බව මා දිගින් දිගටම කියා තිබෙන දෙයක්. සංචාරක කර්මාන්තය කියන්නේ එහි ප්*රතිඵල මුලින්ම පෙන්වන තැනක්. දේශපාලන අර්බුදය නොවන්නට සංචාරකයින්ගේ පැමිණීම මීටත් වඩා ඉහළ යා හැකිව තිබුණා.

        http://economatta.blogspot.com/

        Comment


        • #70
          තෙලේ බලේ දැලේ වෙලේ?


          "තෙල් මිල අඩුවෙමින් තිබෙනවා. නියමයි! ඇමරිකාවටත්, ලෝකයටමත් ලැබුණු විශාල බදු සහනයක් වගේ. සතුටු වෙයල්ලා! තිබුණේ ඩොලර් 84ට. දැන් ඩොලර් 54යි. සවුදි අරාබියට ස්තුතියි, නමුත් තවත් ටිකක් අඩු කරමු!"

          ජනාධිපති ට්*රම්ප් පසුගිය නොවැම්බර් 21 වෙනිදා ට්වීට් කළා. ට්*රම්ප්ගේ ට්විටර් සංඛ්*යාලේඛණ වල නිරවද්*යතාව පැත්තකින් තිබ්බත්, ඔක්තෝබර් හා නොවැම්බර් මාස ඇතුළත බොර තෙල් මිල විශාල ලෙස අඩු වුනා. සවුදි අරාබිය කළමණාකරණය කර ගැනීම මඟින් ඇමරිකාවේ හා ලෝකයේ තෙල් මිල පහළින් තබා ගත හැකි බවත්, තෙල් මිල පහළින් තබා ගැනීමෙන් ඇමරිකන් ආර්ථික වර්ධන වේගය ඉහළ යැවිය හැකි බවත් ජනාධිපති ට්*රම්ප් විශ්වාස කරන බව පේනවා. එසේ නැත්නම් ඔහු තමන් එසේ සිතන බව පෙන්වනවා


          තෙල් මිල පහළ යන විට ඇමරිකාව ඇතුළු ශුද්ධ ලෙස තෙල් ආනයනය කරන රටවල ආර්ථික වර්ධනය ඉහළ යනවා. ශුද්ධ ලෙස තෙල් අපනයනය කරන රටවල ආර්ථික වර්ධනය අඩාල වෙනවා. ලෝකයටම කෙසේ වෙතත් ඇමරිකාව, චීනය, ඉන්දියාව හා ලංකාව වැනි රටවල ආර්ථිකයන්ට ලෝක තෙල් මිල පහළ යාම බදු සහනයක් වගේ තමයි. නමුත්, රුසියාව හා සවුදි අරාබිය වැනි ශුද්ධ ලෙස තෙල් අපනයනය කරන රටවලට තෙල් මිල පහළ යාම විශාල ප්*රශ්නයක්.

          තෙල් කියන්නේ පසුගිය සියවසේ ලෝක දේශපාලනය තීරණය කළ පරිභෝජන භාණ්ඩයක්. අඩු වශයෙන් වසර හැත්තෑ පහක සිට ඇමරිකාව ශුද්ධ තෙල් ආනයනකරුවෙක්. කැනඩාව හා නෝර්වේ වැනි රටවල් කිහිපයක් හැරුණු විට සමස්තයක් ලෙස බටහිර රටවල් බොහොමයක්ම ශුද්ධ තෙල් ආනයනකරුවන්. බටහිර ප්*රජාත්නත්*රවාදී රටවල් බොහොමයක් ශුද්ධ තෙල් ආනයනකරුවන් වෙද්දී ශුද්ධ තෙල් අපනයනකරුවන් වන බොහෝ රටවල ප්*රජාත්නත්*රවාදී නොවන පාලන පවත්වා ගැනීම පහසු වී තිබෙනවා.

          තෙල් සම්පත් හා රටේ පවතින පාලන ක්*රමය අතර සම්බන්ධයක් පැවතීම අහම්බයක්ම නෙමෙයි. කිසියම් රටක ආර්ථිකයෙන් විශාල කොටසක් ස්වභාවික සම්පත් මත පදනම් වූ විට, ඒ ස්වභාවික සම්පත් වලට හිමිකම ඇති අය හා නැති අය අතර විශාල වත්කම් පරතරයක් හා ආදායම් පරතරයක් ඇති වෙනවා. එවිට තමන්ගේ රටේ ස්වභාවික සම්පත් වලට අයිතියක් නැති අයට තමන් අසාධාරණයකට ලක් වූ බව පෙනෙනවා. එසේ වූ විට, රටේ ස්වභාවික සම්පත් වල අයිතිය පෞද්ගලික අයිතිකරුවන් වෙත ලබා නොදී රජය වෙත (හෝ රජු වෙත) තබාගෙන ඒ සම්පත් වල ප්*රතිලාභ සියළු රටවැසියන් අතර "සාධාරණ" ලෙස බෙදා දීම රටේ බොහෝ දෙනෙකුගේ කැමැත්ත බවට පත් වෙනවා. මේ සම්පත් රටේ ජීවත් වන අයගේ "වාසනාවට" ලැබුණු දේ මිස මහන්සියෙන් උපයාගත් දේ නොවීම ඊට හේතුවයි.

          සවුදි අරාබිය ඇතුළු මැද පෙරදිග කලාපයේ වගේම, රුසියාව හා වෙනිසියුලාව වැනි රටවලත් තෙල් නිපදවීම සිදු වෙන්නේ රජයේ සෘජු හෝ වක්*ර පාලනය යටතේ. ඒ නිසා තෙල් මිල නියම කරන්නෙත් රජය විසිනුයි. ලංකාව වැනි මුළුමනින්ම තෙල් ආනයනය කරන ඇතැම් රටවලත් තෙල් මිල හා අදාළව තිබෙන්නේ රජයේ ඒකාධිකාරයක්. නමුත්, ඇමරිකාවේ තිබෙන්නේ එවැනි තත්ත්වයක් නෙමෙයි.

          ඇමරිකාවේ තෙල් කර්මාන්තය තරඟකාරී එකක්. හන්දියක හතර පැත්තේ තිබෙන තෙල් පිරවුම්හල් හතරක බැලුවොත් තියෙන්නේ මිල ගණන් හතරක්. මේ මිල ගණන් දිනපතාම විචලනය වෙනවා. එය ඉල්ලුම හා සැපයුම මත සිදුවන දෙයක්. කිසිදු තනි සමාගමකට වෙළඳපොළ මිල මත බලපෑමක් කරන්න අමාරුයි. රුසියාවේ, සවුදි අරාබියේ හෝ ලංකාවේ රජයට රටේ සිල්ලර තෙල් මිල නියම කළ හැකි වුවත්, ඇමරිකාවේ රජයට හෝ ජනාධිපති ට්*රම්ප්ට එය කළ නොහැකියි.

          ඇමරිකාවේ සිල්ලර තෙල් මිල ඇමරිකාව ඇතුලෙ සාධක කළමනාකරණය කරමින් පාලනය කරනවාට වඩා පහසුවෙන් සවුදි අරාබිය වගේ රටක් හරහා වක්*ර ලෙස පාලනය කිරීම ඇමරිකන් ජනාධිපතිවරයෙකුට පහසුයි. ජමාල් ඛශෝගි ඝාතනය පිළිබඳව සවුදි රජ කුමරු වෙත සීඅයිඒ ඇඟිලි දික් වෙද්දී, ජනාධිපති ට්*රම්ප් විසින් දැක්වූ ඇල්මැරුණු ප්*රතිචාරය වැනි දේ හරහා ලෝක තෙල් මිල පාලනය කළ හැකියයි ජනාධිපති ට්*රම්ප් සිතනවා විය හැකියි. ඔහු එසේ පෙන්වනවා පමණක් වෙන්නත් පුළුවන්.

          ජනාධිපති ට්*රම්ප්ගේ ඉලක්කය වුනේ පසුගිය දෙදින පැවති ඔපෙක් රැස්වීමයි. තමන් සවුදි අරාබිය කළමනාකරණය කිරීම මඟින් තෙල් මිල පාලනය කරන බව ජනාධිපති ට්*රම්ප් සිය අනුගාමිකයින්ට පෙන්වන්න හැදුවත් ඇත්තටම වී තිබෙන්නේ සවුදි අරාබියට තිබෙන විකල්ප කොහොමටත් සීමා වී තිබීමයි. ජනාධිපති ට්*රම්ප් එහි වාසිය ගන්න උත්සාහ කරනවා.

          ලෝක තෙල් වෙළඳපොළ තුළ පසුගිය සියවසේ දෙවන අර්ධය තුළ පැවති තත්ත්වයන් මේ වන විට බොහෝ දුරට වෙනස් වී තිබෙනවා. ඒ වෙනස ලෝක දේශපාලනයත් වෙනස් කර තිබෙනවා. දශක ගණනවක් ගත වීමෙන් පසුව වුවත් නිදහස් වෙළඳපොළෙහි "අදිසි හස්තය" ලෝක තෙල් මිලේ සුක්කානම අතට ගනිමින් සිටිනවා. ඒ නිසා, අනාගතයේදී කිසිදු රටකට තෙල් සම්පත් හිමිකම් මත පදනම්ව ලෝක දේශපාලනයට බලපෑම් කිරීම පහසු වෙන එකක් නැහැ.

          ඔපෙක් රටවල් හා රුසියාව ඇතුළු ඇතැම් ඔපෙක් නොවන රටවල් විසින් දිනකට බැරල් මිලියන 1.2කින් නිෂ්පාදනය අඩු කිරීමට අවසාන වශයෙන් එකඟ වීමෙන් පසුව තෙල් මිල ඩොලර් දෙක තුනකින් වැඩි වී තිබෙනවා. එය විශාල වැඩි වීමක් කියා කියන්න අමාරුයි. කොහොම වුනත්, නිෂ්පාදන කප්පාදුව නිසා තෙල් මිල ඩොලර් පණහ මට්ටමෙන් පහළට වැටෙන එකක් නැහැ.

          ලෝක තෙල් මිල හැසිරවීමේ සුක්කානම ක්*රමයෙන් ඇමරිකාව අතට පත් වෙමින් තිබෙනවා. නමුත්, එය වෙන්නේ ඇමරිකන් රජයේ රාජ්*යතාන්ත්*රික ක්*රියා හෝ ඇමරිකන් විධායකයේ දේශපාලන බලපෑම් හරහා නෙමෙයි. නිදහස් වෙළඳපොළ ක්*රියාකාරීත්වය හරහායි. ඒ නිසා, පවතින අළුත් යථාර්තය වන්නේ තෙල් නිපදවන රටවල් විසින් තෙල් නිපැයුම සීමා කර මිල වැඩි වෙන්න ඇරියත්, සැපයුම වැඩි කර මිල වැටෙන්න හැරියත් අවසානයේ ඒ රටවල් වලටම එහි ප්*රතිවිපාක වල මුහුණ දෙන්න සිදු වීමයි. ජනාධිපති ට්*රම්ප් කිවුවත් නොකිවුවත්, ඔවුන් සැපයුම සීමා කිරීම ගැන දෙවරක් හිතන්නේ ඒ නිසයි.


          http://economatta.blogspot.com/

          Comment


          • #71
            ආර්ථිකයේ අවදානම් අඩුකරපු හැටි...


            පසුගිය සියවස අවසන් වන තුරුම වගේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 25 මට්ටමට වඩා වැඩි වුණේ කිහිප වරකදී තාවකාලිකව පමණයි. 2001 අවුරුද්ද ඉවර වෙන කොටත් ඩොලර් 20කට අඩුවෙන් බොරතෙල් බැරලයක් විකිණුනා. නමුත්, ඉන් පසුව දිගින් දිගටම තෙල් මිල වැඩි වුණා. 2005 මුලදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 50 පැන්නුවා. 2006 මැද වෙද්දී ඩොලර් 75ට කිට්ටු කළා. 2008 මුල හරියේදී ඩොලර් 100 පැන්නුවා.

            ඔය කාලය වෙද්දී ඉහළ යන තෙල් මිලේ බර ලංකාවේ ආර්ථිකයට ඉතා දැඩිව දැනෙන්න ගත්තා. ලොකුම ප්*රශ්නය වුනේ බොරතෙල් බැරලයක මිල කොහෙන් නවතීද කියා හරියටම කියන්න කාටවත් නොහැකි වීම. චීනය, ඉන්දියාව වගේ රටවල් වල තෙල් ඉල්ලුම විශාල ලෙස වැඩිවීමත්, තෙල් සංචිත වල සීමාවක් තිබීමත් මත පදනම්ව තෙල් මිල නැවත කිසි විටෙකත් පෙර මට්ටමට පහත නොවැටෙනු ඇති බව ඔය කාලයේ බොහෝ දෙනෙක්ගේ අදහස වුනා. ඒ අනුව, වඩා ප්*රචලිත අදහස වුනේ තෙල් මිල කිසියම් මට්ටමක ස්ථාවර වී එතැන් සිට අඩු වේගයකින් ඉහළ යනු ඇති බවයි. තෙල් මිල වැඩි වුනු ප්*රවණතාවය දිහා බැලුවහම මේ අදහස නරක එකක් වුනේ නැහැ.

            ඔය දවස් වල තෙල් බැරලයක් ඩොලර් 200ක් වෙනවා කියන එක සිදු විය නොහැකි දෙයක් බව පෙනුණේ නැහැ. එහෙම වුනානම් එය ලංකාව ආර්ථික අර්බුදයක් කරා මෙහෙයවන්න ඉඩ තිබුණා. කොහොමටත් 2008 මැද වන විට රටේ උද්ධමනය 30% මට්ටමට ගිහිල්ලයි තිබුණේ. පසුව බොහෝ කතාබහට ලක් වුනු හෙජින් ගනුදෙනු සිදු වුනේ ඔය වගේ පසුබිමකයි.

            තෙල් සංස්ථාව විසින් ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව, ඩොයිෂ් බැංකුව හා සිටි බැංකුව වගේ විදේශ බැංකු එක්කත්, මහජන බැංකුව හා කොමර්ෂල් බැංකුව වගේ දේශීය බැංකු එක්කත් හෙජිං ගිවිසුම් ගණනාවක් අත්සන් කළා. මේ ගිවිසුම් බොහොමයක් අත්සන් කළේ 2008 මැද භාගයේදී වසරක කාලයක් සඳහා.

            මේ හෙජිං ගිවිසුම් ගැන ගොඩක් අය දන්නේ නැති නිසා 2008 අගෝස්තු සිට වසරක කාලයක් සඳහා ඩොයිෂ් බැංකුව එක්ක අත්සන් කරපු ගිවිසුම මුලින්ම උදාහරණයකට ගන්නම්. ඒ ගිවිසුම සරලයි.

            ගිවිසුම සඳහා පාදක කර ගත්තේ ඒ වන විට බොරතෙල් බැරලයක මිල වූ ඩොලර් 112.50. ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව මිල වැඩි වුනොත් මිල වෙනස ඩොයිෂ් බැංකුව විසින් තෙල් සංස්ථාවට ගෙවන්න ඕනෑ. මිල අඩු වුනොත් මිල වෙනස තෙල් සංස්ථාව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවන්න ඕනෑ. වෙනත් විදිහකට කිවුවොත් මිල අඩු වුනත්, වැඩි වුනත් තෙල් සංස්ථාවට යන වියදම බැරලයකට ඩොලර් 112.50යි. වෙළඳපොළේ මිල වැඩි වුනොත් ඩොයිෂ් බැංකුවට පාඩුයි, තෙල් සංස්ථාවට ලාබයි. මිල අඩු වුනොත් ඩොයිෂ් බැංකුවට ලාබයි, තෙල් සංස්ථාවට පාඩුයි.

            කලින් කියපු ගිවිසුම අත්සන් කළේ මාසයකට තෙල් බැරල් 100,000කට. ඒ කියන්නේ, අවුරුද්දට තෙල් බැරල් මිලියන 1.2කට. ගිවිසුම අත්සන් කළාට පසු අවුරුද්දේ තෙල් මිල ඩොලර් 113.50ට ගිහින් දිගටම තිබුනොත් තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 1.2ක් ලාබයි. ඩොලර් 114.50ට ගිහින් දිගටම තිබුනොත් තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 2.4ක් ලාබයි. ඩොලර් 111.50ට අඩු වෙලා දිගටම තිබුනොත් තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 1.2ක් පාඩුයි.

            කොහොම වුනත්, ගිවිසුම අනුව ඔය විදිහට ඩොයිෂ් බැංකුව විසින් තෙල් සංස්ථාවට ගෙවන්න එකඟ වෙලා තිබුණේ උපරිම වශයෙන් ඩොලර් මිලියන 2.5ක් පමණයි. නමුත්, තෙල් සංස්ථාව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවිය යුතු මුදල ඒ ආකාරයට සීමා කරගෙන තිබුණේ නැහැ. තෙල් සංස්ථාව වෙනුවෙන් ගිවිසුම අත්සන් කරපු අය මිල අඩු වෙයි කියා කීයටවත් නොහිතපු බව එයින් පේනවා.

            තෙල් මිල අඩු වෙන්න කිසිම ඉඩක් නැත්නම්, දුවන කෝච්චියකට බෙල්ල තියනවා වගේ වැඩි වන මිල තෙල් සංස්ථාවට ගෙවන්න බැංකු ඉදිරිපත් වෙන එකක් නැහැනේ. ඔවුන් ගිවිසුමට කැමති වුනේ තෙල් මිල අඩු වෙන්න කිසියම් ඉඩක් තිබුණු බව ඔවුන් දැකපු නිසයි.

            කොහොම වුනත්, තෙල් මිල දිගින් දිගටම ඉහළ ගියොත් ගිවිසුම නිසා තමන්ට වන විශාල පාඩුව ගැනත් බැංකු කල්පනා කරලා තිබුණා. උපරිම පාඩුව මිලියන 2.5කට සීමා කර ගන්නා කොන්දේසිය ඔවුන් දමාගන්න ඇත්තේ ඒ නිසා. නමුත්, තෙල් සංස්ථාව පැත්තෙන් එවැනි කොන්දේසියක් දමා ගන්න හිතලා නැහැ. මිල අඩුවීමේ ඉඩකඩ ඉතාම අඩුයි කියා ඔවුන් ඇස්තමේන්තු කරන්න ඇති. ඒ නිසා, මිල අඩු වන සෑම ඩොලරයක් වෙනුවෙන්ම තෙල් සංස්ථාව විසින් මසකට ඩොලර් 100,000 බැගින් ගෙවිය යුතුව තිබුණා.

            ඔය කියපු ගිවිසුම ඩොයිෂ් බැංකුව එක්ක අත්සන් කරන විටත් තෙල් මිල වැටෙන්න පටන් අරගෙනයි තිබුනේ. කලින් මාසයේදී තෙල් බැරලයක් ඩොලර් 145ක් පමණ වුණා. එතැන් සිට ක්*රමයෙන් පහත වැටුණු තෙල් මිල වසර අවසන් වෙද්දී ඩොලර් 30 ආසන්න මට්ටමටම වැටුනා. ගිවිසුමේ කොන්දේසි අනුව තෙල් සංස්ථාව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවිය යුතු වූ මුදල ඩොලර් මිලියන 60ක් පමණ වුණා. මේ මුදල මීටත් වඩා වැඩි විය හැකිව තිබුණා. නමුත්, ලැබිය හැකිව තිබුණු උපරිම වාසිය ඩොලර් මිලියන 2.5ක් පමණයි.

            මේ ගිවිසුම එක් ගිවිසුමක් පමණයි. ඔය කාලය ඇතුළතම ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව එක්ක අත්සන් කරලා තිබුණු එක් ගිවිසුමක් අනුව ඩොලර් 139.35කට වඩා අඩු වන සෑම ඩොලරයකටම තෙල් සංස්ථාව විසින් මසකට ඩොලර් 100,000 බැගින් (වසරකට ඩොලර් මිලියන 1.2ක්) ගෙවිය යුතුයි. ඒ කොන්දේසි අනුව තෙල් සංස්ථාව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවිය යුතු වූ මුදල ඩොලර් මිලියන 88ක් පමණ වුණා. නමුත්, තෙල් සංස්ථාවට ලැබිය හැකිව තිබුණු උපරිම වාසිය ඩොලර් මිලියන 2.5යි.

            මෙවැනි ගිවිසුම් ගණනාවක් තිබුණා. එවැනි ගිවිසුම් අටකින් තෙල් සංස්ථාවට සිදු වී තිබුණු පාඩුවේ ඇස්තමේන්තුව ඇමරිකන් ඩොලර් මිලියන 500 ඉක්මවා තිබුණත්, තෙල් මිල ඉහළ ගියානම් ලැබිය හැකිව තිබුණු උපරිම ලාබය ඩොලර් මිලියන 10.5ක් පමණයි. ඒ කියන්නේ ගිවිසුම් අත්සන් කරද්දී තෙල් මිල අඩු වෙයි කියන එක ගැන හිතලාම තිබුණේ නැහැ. පහුගිය මාසයේ රාජපක්ෂ අගමැතිකම ගන්න කොට 113 හොයා ගන්න බැරි වුනොත් තත්ත්වය ගැන හිතලා නොතිබුණා වගේ, මේ හෙජින් ගනුදෙනු දිහා රජයේ පාර්ශ්වය බලලා තිබුණේ මාර සිරා ඩීල් ටිකක් දාගත්ත විදිහටයි.

            ශ්*රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව ඔක්තෝබර් මාසයේදී මේ ගිවිසුම් අනුව තෙල් සංස්ථාව විසින් බැංකු වලට ගෙවිය යුතු මුදල් ගෙවන එක අත්හිටවනු ලැබුවා. ඉන්පසුව ගිවිසුම් වල පාර්ශ්වකරුවන් වූ විදේශ බැංකු ඔවුන්ට ගිවිසුම අනුව ලැබිය යුතු මුදල් අය කරගන්න විදේශ අධිකරණ වල නඩු පැවරුවා. ඇතැම් නඩු වලින් ඔවුන් පරාජය වීමත්, තවත් ඇතැම් නඩු හා අදාළව අතරමැදි එකඟතාවයකට පැමිණීමත් නිසා තෙල් සංස්ථාව විසින් ගෙවිය යුතු වූ මුළු මුදලම නොගෙවා සිටිය හැකි වුවත්, සෑහෙන පාඩුවක් වුනා. බැංකු වල අවාසියට හිටියේ පොදු ආයතනයක් වන තෙල් සංස්ථාවට මෙවැනි ගිවිසුම් වලට යන්න නීතිමය අයිතියක් නැතැයි යන නීති තර්කය මිසක් ගිවිසුමේ වගන්ති නෙමෙයි. එසේ නොවන්නට, ගිවිසුම අනුව ගෙවිය යුතු මුළු හිඟ මුදලට අමතරව ගෙවීම පමා වීම නිසා ඒ මත එකතු කළ යුතු පොලිය හා නඩු ගාස්තු ආදියත් ගෙවන්න වෙනවා.

            ඔය ගිවිසුම් අත්සන් කරද්දී ඒවායින් රටට වන වාසිය ගැන සෑහෙන්න පුරසාරම් ඇහුණත්, ගිවිසුම් වලින් ඇත්තටම වාසියක් වුනානම් එහි නම්බුව ගන්න හිටපු බොහෝ දෙනෙක් තෙල් මිල අඩු වෙද්දී කළේ අන්තිමට ගිවිසුමට අත්සන තැබූ අයගේ පිටින් දමා ඇඟ බේරා ගැනීමයි. වැඩක් හරි ගියාම ලකුණු දාගන්න ඕනෑ තරම් අය හිටියත්, වැරදුනාම අන්තිමට කරපු කෙනෙක් නැහැ.

            ලිපිය පටන් ගත්තේනම් හෙජිං ගණුදෙනු ගැන ලියන්න හිතාගෙන නෙමෙයි. තෙල් මිල ගැන ලියන්න හිතාගෙනයි. කමක් නෑ. ඒ ගැන පස්සේ කතා කරමු.

            http://economatta.blogspot.com/

            Comment


            • #72
              අපේ දේශපාලකයෝ...

               

              Comment


              • #73
                Watch from 13:10
                https://www.facebook.com/sajithprema...7926472461192/

                Comment


                • #74
                  මෛත්*රී -රනිල් එකතුවෙලා මහින්දව වැලලුවද??????

                   

                  Comment


                  • #75
                    Good read

                    Heightened economic uncertainty lightened by favourable weather - corporate leader


                    December 13, 2018, 12:00 pm



                    by Sanath Nanayakakre


                    On the surface everything seems fine, but good weather conditions the country has enjoyed recently are the 'truly fine' phenomenon that will help mitigate the fallout from recent developments in the country's political sphere, at least to some extent, Samantha Ranatunga, former chairman of the Ceylon Chamber of Commerce and Managing Director/CEO of CIC Holdings PLC told The Island Financial Review yesterday.


                    Ranatunga's comment on the fair weather factor strikes a convincing chord as this is something only detail-oriented people would have noticed as an underlying macroeconomic condition. According to him weather conditions should also be weighed on a par with other concerns such as external liabilities of international sovereign bond maturities, reserve adequacy, downgrading by Fitch Ratings, S&P Global Ratings (warranted or unwarranted) or the volatile foreign exchange market.


                    Ranatunga heads one of Sri Lanka’s leading conglomerates with ventures in businesses ranging from agriculture to chemicals and from medicine to household products. Touching on agriculture, he said," The agriculture sector is doing extremely well and we're going to see bumper harvest this season and in the coming season. This is a redeeming factor amid the political developments in the country. Fortunately, the weather has been very kind and the irrigation system in our agricultural zones has also delivered its promise, and thus our farmers are focused on their crop yields expecting to produce more, sell more and earn more. Whatever misfortunes we may face, we have had a good monsoon. The monsoon rains have filled the reservoirs built by our ancient kings, the Mahaweli project, the Moragahakanda project etc. As market prices for farm products are encouraging, farmers are keen to cultivate more. CIC being an inputs player and also dealing with some of the outputs, we see a lot of benefits for all stakeholders", he said.


                    When asked for his views on the current political impasse, Ranatunga stimulated a lively conversation without taking sides himself.


                    "I think, we Sri Lankans spend a lot of time talking about things we can't change. I am not saying talking about constitutional matters is a waste of time because it is the law that governs the country. But if we talk about it in excessive length, will our problems go away? Will the exchange rate settle? will my import bill become manageable? Will my market share increase? In the end your problem remains your problem. If I don't perform well, I will be a non-performer and will get kicked out. People who invest capital don't want to hear political reviews from me. They want a risk-free return for their investment. Today TB rate is 9%. They want at least double that amount. Today our ROC benchmark rate is around 20%-22%. Unless you hit that 'how the hell' are you going to survive as a business? We are passing opinions and judgments on situations we can’t change. Collectively, we have to be conscious. But individually we have to do our best to deliver", he said.


                    "The sectors in which CIC is involved are not directly impacted. But tourism, exports and finance are the main areas vulnerable to situations like this. CIC too is under marginal pressure. Our costs have gone up, but we have to be price-competitive as the operating environment is challenging. Today people spend a lot of time on Face Book and other social media platforms, and everybody can share their deeply felt opinions online. But some voices get magnified and draw more attention because they shout at the top of their voice. In this context, I still admire the mainstream print media in a holistic sense. They try to present responsible views and balanced reports. But such media practitioners are also dying by the day. At CIC we don't discuss current political situation with employees. Today corporate earnings have dropped across the board. So, our employees are driven to deliver positive results for the company. We look at our processes objectively and rationalize our operations".


                    "If you let me put the Chamber hat on, I'd say there is a fair amount of economic unpredictability resulting in important decisions getting hampered. I must say that we have urged for an early settlement towards stability to ensure the smooth functioning of the public and the private sector. We communicated this message to the President when we had a meeting with him last week. We categorically told him that we need to find a solution to get back on track. He said he was also attempting to find a solution in the shortest possible time. Businesses can't succeed if the sitting government is unstable. Ceylon Chamber is very conscious of the situation and would like it sorted out soon. The luxury of time is not there for the private sector. When the state sector doesn't function well, it triggers an impact on the private sector. 'Wait-and-see' is not an ideal answer for the private sector. Time is money", he said.


                    "We are concerned that the fertilizer subsidy could suffer an impact from this political fallout. We are not finger pointing. What we say is when there is no stability business is in a mess. No matter which government. We mean any government".


                    "We blame politicians. But we don't send the best representatives to parliament and that's why we see fisticuffs in the House. We can't expect to reform members of the House, so let's reform ourselves and take more individual responsibility for enhanced individual performance," he said.


                    Ranatunga, however, went on to make a pertinent point about governance as an art and science of getting things done before it's too late, in spite of various criticisms. "Although a level of criticism is an essential component of citizenship in a free country, we are justified in asking how widespread this distrust might be and what point healthy skepticism tips over into outright aversion leading to stoppage of important policy or abandonment altogether. This should make us feel ashamed of ourselves", he said.

                    Comment


                    • #76
                      Well worth read.
                      "The best values today are often found in the stocks that were once hot and have since gone cold"

                      Comment


                      • #77
                        ශ්*රී ලංකාවේ දේශපාලන අර්බුදය: මහින්ද "සෙනසුරාදා ඉල්ලා අස්වෙනවා"


                        14 December 2018




                        ඔක්තෝබර් 26 වන දින ජනාධිපතිවරයා විසින් පත් කළ අග්*රාමාත්*ය මහින්ද රාජපක්ෂ සෙනසුරාදා (දෙසැම්බර් 15) තනතුරෙන් ඉල්ලා අස්වීමට නියමිත බව නාමල් රාජපක්ෂ මන්ත්*රීවරයා පවසයි.

                        "රටේ ස්ථාවරභාවය ආරක්ෂාකිරීම පිණිස, සෙනසුරාදා ජාතිය ඇමතීමෙන් අනතුරුව අගමැති පදවියෙන් ඉල්ලා අස්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කර ඇති," බව නාමල් රාජපක්ෂ මන්ත්*රීවරයා නිකුත්කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.

                        හිටපු ජනාධිපතිවරයා එම තීරණයට එළඹ සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උදය ගම්මන්පිල මන්ත්*රීවරයා ද බීබීසී සිංහල සේවයට තහවුරු කළේය.
                        දින 50 ක පමණ කාලයක් පුරා දිව ගිය ශ්*රී ලංකාවේ දේශපාලන අර්බුදය නිර්මාණය වූයේ ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් කිරීමත් සමගය.

                        සෙනසුරාදා පදවියෙන් ඉල්ලා අස්වීමට හිටපු ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බව එක්සත් ජාතික පෙරමුණේ හර්ෂ ද සිල්වා මන්ත්*රීවරයා ද ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ප්*රකාශකොට තිබේ.

                        මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය මෙතෙක් කිසිවක් ප්*රකාශකොට නැත.

                        https://www.bbc.com/sinhala/sri-lanka-46565520

                        Comment

                        Related Topics

                        Collapse

                        Topics Statistics Last Post
                        Started by SHARK, 10-12-2018, 11:15 AM
                        0 responses
                        0 views
                        0 likes
                        Last Post SHARK
                        by SHARK
                         
                        Started by NC+, 08-11-2018, 07:47 AM
                        7 responses
                        0 views
                        1 like
                        Last Post NC+
                        by NC+
                         
                        Started by kks17, 08-11-2018, 04:42 PM
                        1 response
                        0 views
                        0 likes
                        Last Post ruwan326  
                        Started by SHARK, 08-10-2018, 08:26 PM
                        4 responses
                        0 views
                        0 likes
                        Last Post prasa2004  
                        Started by kks17, 08-12-2018, 08:41 AM
                        15 responses
                        0 views
                        0 likes
                        Last Post NEWER1
                        by NEWER1
                         
                        Started by kks17, 08-11-2018, 04:17 PM
                        5 responses
                        0 views
                        0 likes
                        Last Post LukeDeSilva  
                        Started by SHARK, 08-15-2018, 12:01 AM
                        10 responses
                        0 views
                        0 likes
                        Last Post SHARK
                        by SHARK
                         
                        Started by SHARK, 08-10-2018, 02:28 PM
                        228 responses
                        0 views
                        0 likes
                        Last Post SHARK
                        by SHARK
                         
                        Started by kks17, 08-12-2018, 08:13 AM
                        6 responses
                        0 views
                        0 likes
                        Last Post SHARK
                        by SHARK
                         
                        Started by SHARK, 08-11-2018, 03:42 PM
                        12 responses
                        0 views
                        0 likes
                        Last Post SHARK
                        by SHARK
                         
                        Started by SHARK, 08-10-2018, 03:52 PM
                        44 responses
                        0 views
                        0 likes
                        Last Post SHARK
                        by SHARK
                         
                        Working...
                        X