Announcement

Collapse
No announcement yet.

අනං## මනං ##

Collapse
X
  • Filter
  • Time
  • Show
Clear All
new posts

  • අනං## මනං ##

    අගමැති මී හරක් වෙන්දේසි කරයි


    Click image for larger version  Name:	5-14.jpg Views:	1 Size:	34.4 KB ID:	4730

    මේ දවස්වල ලෝකයේ වඩාත් කතා බහට ලක්වන රාජ්*ය නායකයෙක් තමයි පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්. ඒ පාකිස්ථානය ගොඩ නගන්න ඔහු ගන්න ප්*රතිපත්ති නිසා.

    ඊයේ පාකිස්ථාන අගමැති නිවසේ අමුතු වෙන්දේසියක් තිබ්බා. ඒ අගමැති නිවසේ හිටිය මී හරක් වෙන්දේසියක්. හිටපු අගමැති නවාස් ෂරීෆ් තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා කල උසස් වර්ගයේ මී හරක් 8 දෙනෙක් තමයි මේ විදියට වෙන්දේසි කරේ.

    මේ වෙන්දේසියෙන් පාකිස්ථාන රුපියල් විසිතුන් ලක්ෂයක් උපයාගෙන තියෙනවා. එක මී හරකෙක් ඇමරිකානු ඩොලර් 2500 ක් මුදලකට වෙන්දේසි වෙලා තියෙනවා. එම මී හරකෙක් මිලදී ගත්ත නවාස් ෂරීෆ්ගේ අනුගාමිකයෙක් කිව්වේ හිටපු අගමැතිගේ පරිහරණය සඳහා මී හරකා පරිත්*යාග කරනවා කියලා.

    ඉම්රාන් ඛාන් පහුගිය දවසක අගමැති නිවසේ තිබ්බ වෙඩි නොවදින රථ කිහිපයකුත් වෙන්දේසි කරා.

    https://www.colombotribune.com/2018/09/28/
    Last edited by ruwan326; 10-12-2018, 11:13 AM.

  • #2
    සුපර්මාර්කට් අපිට ඇත්ත බිල්ද දාන්නෙ..?







    කොට්ටාව කීල්ස් සුපර් මාර්කට් එකෙන් අතේ තිබුන මුදල් ගානට බඩු ටිකක් ගත්තා. අතේ තිබුනේ රුපියල් හාරදහසක් පමණයි. ගත්ත බඩු වලට රුපියල් 3000ක් විතර වෙන බව මට දැණුනා. මම කවුන්ටරේට මුදල් ගෙවන්න ගියා වෙලාව හවස 7.20ට විතර ඇති. ගෑනු ළමයා ඉක්මණින් ඉක්මණින් බඩු ටිකට බිල් කරනවා .

    මම බලන් හිටියා …රුපියල් හාරදහසක්පහු කරගෙන වාසනා චක්කරේ කැරකෙනවා වගේ කැරකිලා ගිහින් රුපියල් පන්දාහත් වුණා. මම වහාම ඇයව නවත්තලා කිව්වා

    “මගේ අතේ තියෙන්නෙ රුපියල් හාරදාහයි “කියලා.ඇය යෝජනා කරා බඩු අඩු කරන්න.මම හිතුවා යහපාලනේ වැඩක් තමා කියලා.

    මම ගත්ත බඩු සාමාන්*ය ගෙදර දොරේ බඩුු නිසා එතරම් ගණනක් වන්න බැරි බව මම හිතුවා. අතේ සල්ලි තිබ්බනම් මම මෝඩයෙක් වගේ ගෙවලා එනවා අනිවාර්්*යයෙන්ම. ඒකේ දෙකක් නැහැ.

    ගත්ත බඩු දැන් එකින් එක අඩුවෙනවා. මට හිතාගන්නම බැහැ මේක කොහොම වෙන්නද කියලා.. මම ඒ ගෑනු ළමයගෙන් ඇහුවා “මොනවද මම මෙතැනින් ඉහළ මිළගානක් දීලා අරන් තියෙන්නේ” කියලා.

    අරන් තියෙන උපරිම සිල්ලර මිළ වටිලා තිබුනෙ බිත්තර 10කට. අනිත් සියල්ල සුළු ගණන්.මම කිව්වා “බිල් එක චෙක් කරන්න” කියලා. මට පිටිපස්සෙන් හිටපු අය මගේ දිහා බලනවා.

    ගෑනු ළමයා එකින් එක චෙක් කරලා කිව්වා”සොරි මිස් බිත්තර වල 226 එකක් හැටියට පන්ච් කරන්න ඔ්නෙ එක 11ක් හැටියට පන්ච් වෙලා “කියලා. එතකොට 226ඒවා 11ක්.

    ඊට පස්සේ වටේ හිටපු අයත් බයවුණා.මං ඇහුවා “මේ වගේ කීදෙනෙක් වැඩියෙන් ගෙවලා ගිහිල්ලා ඇතිද ඔයාලගේ නොසැලකිල්ල එක්ක” කියලා.

    ඒ සේවිකාව කිව්වෙ “සමහරු ආපහු එනවා “කියලා.ඒත් සමහරු ආපහු එන්නෙ නැහැ.මම ඒ ළමයට කිව්වා” මම කවදාවත් ගෙදර ගිහින් බිල චෙක් කරන්නෙ නැහැ හැබැයි අද ඉඳන් මම ඒක කරනවා “කියලා.

    ඒ වගේම “මගේ අතේ ඒ වෙලාවෙ රුපියල් හාරදහසක් තිබ්බෙ හොඳ වෙලාවට” කියලත් මම කිව්වා.

    මට පාඩමක් ඉගෙන ගන්න ලැබුනා. සුපර්මාර්කට් අපිට මේ වගේ වැරදි කොච්චර කරලා ඇතිද? ඒ හින්දා සුපර්මාර්කට් වලින් බඩු ගන්න අය හොඳ සිහියෙන් යුතුව බිල බන්න කමන් ගන්න බඩුවලට නිසි මිළද ඔබ ගෙවන්නෙ කියලා.

    https://www.colombotribune.com/2018/10/09/

    Comment


    • #3
      Plz continue this. Its really interesting.
      "The best values today are often found in the stocks that were once hot and have since gone cold"

      Comment


      • #4
        ආණ්ඩුවට බැරිනම් අපට කියන්න අපි කරන හැටි කියල දෙන්නම්


        මේ වනවිට රටේ ආර්ථික තත්වය පිලිබඳ විවිධ තර්ක විතර්ක මතු වෙමින් පවතින වකවානුවක් බවට පත්ව ඇත. බොහෝ විට එයට හේතුව වී ඇත්තේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්*රමාණය වීමද විය හැකිය. කෙසේ වෙතත් පසුගිය දා මව්බිම ලංකා පදනමේ නිර්මාතෘ ආරියශීල වික්*රමනායක මහතාගේ චරිතය අලලා රචිත ග්*රන්ථයක් දොරට වැඩුමේදී ආරියශීල වික්*රමනායක මහතා සිදු කල දේශනයකට වැඩි අවධානයක් යොමුව තිබෙනවා. එයට හේතුව මේ රට සංවර්ධනය කරන ආකාරය පිළිබඳව ඔහු ඉදිරිපත්කල කරුණු හේතුවෙන්.

        ඕනෑම දෙයක් වැවෙන සශ්*රික භූමියක ජිවත් වෙමින් කෑම ටික පවා පිට රටින් ආනයනය කිරීම පිළිබඳව ඔහු දැඩි විවේචනයකින් අදහස් පල කල අතර ඔහු වර්තමාන අගමැති රනිල් වික්*රමසිංහ මහතාටද මුහුණටම කියා ඇත්තේ මේ රට හදන්න බැරිනම් ඖ මෝඩයකු බවයි.

        මේ අතර රට සංවර්ධනයට අවස්තාව දෙනවානම් කිසිදු ය කිරීමකින් තොරව රට වෙනුවෙන් එය කිරීමට සුදානම් බවද ඔහු කියා සිටියා. ඔහු කල ප්*රකාශය සම්පුර්ණ වීඩියෝව පහතින් නරඹන්න…

        https://www.colombotribune.com/2018/09/30/
         

        Comment


        • #5
          Ariyaseelata jayaweewaaa.....

          Comment


          • #6
            කුණුටික හරියට දාගන්න බැරි කුණු වෙච්ච ජාතියක්



            අපි අපේ ජාතිය ආගම ගැන සහ වසර 2500ක ප්*රෞඩ ඉතිහාසය ගැන පම්පෝරි ගහන අපි ඇත්තටම මහ කාලකන්නි ජාතියක් නොවේද? අපි දිහා බලාගෙන හැදුන රටවල් රොත්තක් අපිව පහු කරගෙන ගොඩාක් දුර ගිහින් ඉවරයි. අපි සුද්දා ගිය දා සිට යන්නේ රිවස් එකට කියන එක දිනෙන් දින ඔප්පු වෙමින් ඇත. මේවා ඒවාට උදාහරණය…

            සිරිපා වන්දනාව අවසන් වනවිට එතන කුණු කන්දකි….
            නුවර පෙරහැර අවසන් වූ විට පාරවල් කුණු වලින් පිරි ඉතිරෙයි…
            මේ වෙසක් උත්සව අවසානයේ කොළඹ එක තැනක (ගෝල්ෆේස් පිටිය අවට) තත්වයයි…
            ඊළඟට එන පොසොන් කාලයට අනුරපුර පොළොන්නරු වැව් අවට බැලුවොත් අපේ කෙරුවාව හොඳින් දැකිය හැකිය…

            ඇත්තටම අපි ජාතියක් විදියට සිටින්නේ කොතනද? අනිත් රටවල් අප පසුකොටගෙන යාම පුදුමයක් නැත්තේ මෙවන් මිනිසුන් ඒ දියුණු සමාජයට නොගැලපෙන නිසාද කියා විටෙක සිතේ….

            සුද්දා අපිට නිදහස දුන්නාද නැතිනම් අපිව තවත් හදන්නට බැරි තැන අපෙන් ගත හැකි උපරිමය ගෙන අපෙන් ගැලවී ගියාද යන්න සිතිය යුතු කරුණකි…

            දේශපාලකයින්ට පමණක් බැන වැදී වැඩක් නැත ජනතාව ලෙස අප සියලු දෙනා වෙනස් විය යුතුය…
            නැතුව හොද දේශපාලකයින් හදන්නට බැරිය හේතුව ඔහුන් පැමිණෙන්නේද මේ මිනිසුන් කුලකයෙන්ම නිසාය…

            උපන් දා පටන් විභාග පාස් වෙන්න ළමයින්ට උගන්නන එක නවතා සැබෑ මිනිසත්බව ඇති මිනිසුන් ලෙස ජිවත් වන්නට දරුවන්ට උගන්වන තෙක් මේ රට හදන්නට බැරිය… සියල්ල නවතා හෝ හොඳ අධ්*යාපන ක්*රමයක් සැකසිය යුතුය නැතහොත් අපට යලි ගොඩ ඒමක් නැත…

            මෙය බලන කිහිපදෙනා හෝ මේවා යලි නොවන්නට දැනුවත් වෙමු…අන් අය දැනුවත් කරමු…

            https://www.colombotribune.com/2018/05/03/

            Comment


            • #7
              හිතූ මතයට ප්*රතිජීවක ගත්තොත් හැදෙන අමුතු ලෙඩේ


              ප්*රතිජීවක ලෙස හඳුන්වන්නේ බැක්ටීරියා, දිලීර සහ සමහර පරපෝෂිතයන් වර්ග සමඟ සටන් කර රෝග මැඩපවත්වන ***ඖෂධ වර්ගයන්ය. වෛරස් මුල්වී ඇතිකරනු ලබන රෝග මැඩපැවැත්වීමක් මෙම ප්*රතිජීවක මගින් සිදුනොවේ. මේ නිසා ප්*රතිජීවක නැත්නම් ඇන්ටිබයොටික් අපට හිතුමතේ ගත නොහැකිය. එය සැමවිටම මනා රෝග පරීක්ෂාවකින් පසු වෛද්*යවරයකු වෙතින්ම ලබාගත යුතුය. ඒවා වැරදි ලෙස භාවිතය මගින් මාරාන්තික ප්*රතිජීවක විරෝධයක් සිරුරේ හටගැන්වීමට හැකිය.

              ප්*රතිජීවක ප්*රතිරෝධීතාව යනු කුමක්ද?

              බොහෝ ප්*රතිජීවක භාවිතය සහ නුසුදුසු පරිදි ප්*රතිජීවක භාවිතය නිසා ප්*රතිජීවක ප්*රතිරෝධීතාව ඇතිවේ. එය ඇතිවන්නේ අපගේ ශරීරයේ ඇති බැක්ටීරියා වෙනස්වීම්වලට භාජනය වීමත් ඒ නිසා ඒවාට එරෙහිව සටන් කිරීමට ප්*රතිජීවකය සුදුසු තත්වයේ නොමැති වීමත් හේතුවෙනි.

              එකම ප්*රතිජීවකය නිතර ගැනීම හෝ ප්*රතිජීවක ගන්නා විට යම් බැක්ටීරියා ප්*රමාණයක් නොමැරී ශරීරයේ ඉතිරිවීම නිසා (ප්*රතිජීවක ඖෂධ නියම කරන ප්*රමාණය නොගැනීම නිසා විය හැක) අනාගතයේදී මෙම බැක්ටීරියා ගුණනය වී ශක්තිමත් වී ප්*රතිරෝධී බවට පත්විය හැක.

              ප්*රතිජීවක ප්*රතිරෝධීතාව ප්*රශ්නයක් කරගත යුතුද?

              ඔබ ප්*රතිජීවක ගන්නා විට එමගින් බැක්ටීරියා සම්පූර්ණයෙන් නොනැසී පැවතුණහොත් ඔබගේ රෝගය සුව නොවී පැවතිය හැක. එවිට සුවවීම වෙනුවට ඔබගේ රෝගය උත්සන්න වේ. ඔබට නැවත කීප වතාවක් වෛද්*යවරයා හමුවීමට සිදුවේ.

              එම නිසා ඔබට නොයෙක් ඖෂධ ලබාගැනීමට හෝ ඊට වඩා ප්*රබල ප්*රතිජීවක එන්නත් මගින් ලබාදීමට රෝහල්ගත වීමට සිදුවේ. ඒ සමඟම ඔබගේ පවුලේ සාමාජිකයන් හා අන් අයට එම ප්*රතිරෝධී බැක්ටීරියාවට නිරාවරණය වීමටද සිදුවේ. එවිට ඔවුන්ටද ප්*රතිකාර කිරීමට පවා අපහසු රෝග ඇතිවේ.

              ඔබ අනවශ්*ය පරිදි ප්*රතිජීවක ලබාගන්නා විට හෝ ඔබට වෛද්*යවරයා නියම කරන ප්*රතිජීවක ප්*රමාණය සියල්ලම නිසිලෙස ලබානොගත් විට ඔබට ප්*රතිරෝධී බැක්ටීරියා මගින් ඇතිකරන රෝගයක් වැළඳීමේ ඉඩකඩ වැඩිවේ.

              ප්*රතිජීවක අවශ්*ය නොවන රෝග ද තිබේ.

              සෙම්ප්*රතිශ්*යාව, ඉන්ෆ්ලුවෙන්සා උණ (flu) සහ Mononucleosis ආදී වෛරස් ආසාදනයන්ය.

              එම නිසා වෛරස් ආසාදන සඳහා ප්*රතිජීවක ලබාදෙන ලෙස ඉල්ලා නොසිටිය යුතු අතර ඔබගේ ශරීරය මගින් ආසාදනය මැඩපැවැත්වීම සඳහා සටන් කරන බැවින් රෝග ලක්ෂණ නැති කිරීමෙන් සුවපහසු බව ලබාගැනීමට උපදෙස් පැතිය යුතුය.

              ප්*රතිජීවක ප්*රතිරෝධීතාව අඩුකිරීමට කළ හැකි දේ

              වෛද්*ය උපදෙස් ප්*රවේශමෙන් අනුගමනය කරන්න. ප්*රතිජීවක පාවිච්ච්යට සිදුවන අවස්ථා අවම කරගත යුතුය.

              නියම කරන ප්*රතිජීවක ප්*රමාණය සම්පූර්ණයෙන් ගත යුතුයි. පසු අවස්ථාවක රෝගී වූ විට පාවිච්ච් කිරීමට බෙහෙත් ඉතුරැ කර ඒවා භාවිතයට නොගන්න. වෛද්*ය උපදෙස් රහිතව හිතූ මතයේ කිසිවිටෙකත් නොගත යුතුය.

              ඔබට මාත්*රාවක් හෝ දෙකක් මඟහැරුණු විටදී පවා යම් බැක්ටීරියා ප්*රමාණයක් ශරීරයේ ඉතිරි වී නැවත ප්*රතිජීවක භාවිත කරන විට එයට ප්*රතිරෝධයක් දැක්විය හැකිය.

              වෛද්*ය චන්දන ධර්මරත්න
              කළුබෝවිල ශික්ෂණ රෝහල
              https://www.colombotribune.com/2018/09/18/

              Comment


              • #8
                කාර්යාල වෙලාවේ ඛනිජතෙල් සේවකයෝ අරක්කු බී බජව් දාලා

                රජයේ ආයතනයකට ගිය විට ජනතාවට ඔවුන්ගේ හරි රෙගුලාසිය, ඔවුන් වැටුප් ලබන්නේ මනහජනතවගේ බදු මුදලින් සහ ඒ පඩියට ජනතාවට සේවය කලයුතුය යන සිතිවිල්ලක්වත් සමහරක් රාජ්*ය නිලධාරීන්ට නොමැත. ඔවුන් සිතා සිටින්නේ ජතාව ඔවුන්ගේ දෙපා මුල වැද වැටිය යුතුය කියාය. එසේ ලොකු සීන් දාන උන් නැටු නාඩගමක් එලියට පැමිණ ඇත.

                කුරුණෑගල ඛනිජතෙල් සංස්ථා කාර්යාලයක කාර්යාල වෙලාවේ සියළු වැඩ පසෙකලා සේවකයෝ අරක්කු බි බජව් දමමින් කාලකන්නි විලාසයෙන් හැසිරි තිබේ. ඛනිජතෙල් සේවකයෝ ගණනින් වැටුප් කරුණකි ඒ වගේම පොඩි දේටත් වැඩවර්ජන කරමින් ජනතාව අමාරුවේ දාන්නට මොවුන් හරි සමතුන්ය…

                මහජන මුදලින් පඩි ගන්නා මේ නිලධාරීන් සිය රාජකාරි කාලයේ මෙසේ හැසිරීම අනුමත කල හැකිද?

                http://www.colombotribune.com/2018/1...tco-kurunegala

                 

                Comment


                • #9
                  ගොන් කථා

                   

                  Comment


                  • #10
                    ලංකාව සෝමාලියාවක් උනදාට කාටකාටත් වැටහෙයි .....එය උදාවනතුරු බාල්නටමු

                     

                    Comment


                    • #11
                      No enemies.......... No friends....... make all Sri lankan people slaves......... theory of sri lankan politics....

                       

                      Comment


                      • #12
                        Sri lankan politicians ...human or inhuman

                        Comment


                        • #13
                          Mass media vs social media...
                           

                          Comment


                          • #14
                            Politicians or prostitution



                            Click image for larger version

Name:	u1.png
Views:	2
Size:	287.5 KB
ID:	5329
                            Click image for larger version

Name:	u2.jpg
Views:	1
Size:	98.1 KB
ID:	5330
                            Click image for larger version

Name:	x1.jpg
Views:	3
Size:	61.7 KB
ID:	5331

                            Comment


                            • #15
                              Early celebrations

                               

                              Comment

                              Working...
                              X